ප්‍රමුඛ පුවත 1

බලංගොඩ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ඉන්ධන මිල සූත‍්‍රයට එරෙහි බලංගොඩ නගර සභාවේ අද(11) උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තාවේ.

අප වාර්තාකරු පැවසුවේ හිටපු සභපති නිමල් ගාමනී වීරසිංහ සහ සභාපති චමික ජයමිනි වැවේගෙදර මහතා අතර වචන හුවමාරුවක් සිදු වී තත්ත්වය ගැටුමක් බවට පත් වීම නිසා සභාව උණුසුම් වූ බවයි.

අනතුරුව හිටපු සභාපති නිමල් ගාමිණී වීරසිංහ සභාවෙන් පිටව ගියේ පපුවේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ප‍්‍රථාකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත යන බව පවසමින්ය.

මේ වන විට  නිමල් ගාමිණී වීරසිංහ මහතා බළන්ගොඩ මූලික රෝහලේ ප‍්‍රථිකාර ලබමින් සිටි.

අද පෙරවරුවේ සභාව ආරම්භ වන අවස්ථාවේදී පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රී වරුන් 07 ක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත‍්‍රී නිමල් ගාමිනී වීරසිංහ මහතා ඇතුළු මන්ත‍්‍රී පිරිස විරෝධතා පුවරු අතැතිව කළු පටි පැලඳ සභාවට පැමිණ අසුන් ගෙන තිබේ.

ඒ,  ඉන්ධන මිල සූත‍්‍රයට එරෙහිවත්, ඩොලරයේ අගය ඉහළ යෑමත්, විපක්ෂ මන්ත‍්‍රී වරුන්ට ඇහුම්කන් නොදීමත්, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රන හෙලා දැකීම යන කරුණු කිහිපයකට විරෝධය පළ කරමින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වෘත්තීය සමිති අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

Mohamed Dilsad

Leave a Comment