ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතන කිහිපයකට නව සභාපතිවරුන් පත් කෙරේ

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු නිර්දේශ මත තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව සභාපතිවරු පත් කර තිබේ.

මෙම කමිටුවේ සභාපතීත්වය දරනුයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධරියෙකු වු සුමිත් අබේසිංහයි.

ඒ අනුව මේ වනවිට ජනාධිපති ලේකම්වරයා වෙත , රාජ්‍ය ආයතන සඳහා පුද්ගලයින් පත් කිරීමට අදාළ නිර්දේශිත නාම යොමු කිරීමට පියවර ගෙන තිබේ.

එළඹෙන 31 වනදාට ප්‍රථම සියලු රාජ්‍ය ආයතන සඳහා නිර්දේශිත නාම ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබුණු අතර අදාළ තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීමද මේ වනවිට අවසන්ව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පත් කර ඇති අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ පත කර තිබේ.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස කමල් රත්වත්තේ සහ ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජයම්පති මොල්ලිගොඩ මීට පෙර පත් කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

o/L සඳහා හෙට සිට උපකාරක පංති තහනම්

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

දෙරට අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාවයක් ඇති කර ගැනීමට ස්විට්සර්ලන්තය සමඟ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment