ප්‍රමුඛ පුවත 1

ලෝක බැංකුවෙන් ලංකාවට විශාල ණය මුදලක්

(UTV | කොළඹ) – ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

රජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතුවල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම ණය මුදල ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ලෝක බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මුදල් අමාත්‍යාංශයේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා උපකාරී වන බවයි.

මෙම ණය මුදල වසර 28ක පරිණත කාලයකින් යුක්ත වන අතර වසර 11 ක සහන කාලයකින් යුක්ත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජම්පටා වීදියේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Mohamed Dilsad

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

කුඩා වාහනවලට පණවා තිබු නව බද්ද ඉවතට

Mohamed Dilsad

Leave a Comment