ප්‍රමුඛ පුවත 1

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්නැයි ඉල්ලමින් නඩු මගට

 

(UTV | කොළඹ) – ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17) අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. 

ඒ, ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවියේදී ඉන්දියන් ඔයිල් සමාගම ලීටරයකට රුපියල් පහක් වැඩිපුර අය කිරීම හේතුවෙන්.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි සැල් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය තිස්හතක මුදලකට බවත්, නමුත්  ඉන්දියන් ඔයිල් සමාගම එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය හතළිස් දෙකක මුදලකට බවත් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කිරීමට කටයුතු කළහොත් එම භාණ්ඩ මිල ගණන් දෙකක් යටතේ අලෙවි කිරීමට නොහැකි වන බවත්, අදාළ කටයුත්ත සිදුකළ යුතු වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරී විෂයභාර අමාත්‍යවරයා විසින් බවත් ඒ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

Mohamed Dilsad

පිළිකා රෝග අතරින් ගැබ්ගෙල පිළිකාව 03 වන ස්ථානයට

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment