ප්‍රමුඛ පුවත 1

මැතිවරණ නීති සංශෝධනය කිරීමට පියවර

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය කිරිම සම්බන්ධයෙන් ඉදිරියේ දි රාජ්‍ය ආයතන දැනුවත් කිරිමට කටයුතු කරන බව පවසයි.

නව පාර්ලිමේනතු සැසිය ආරම්භ වු පසු කථානායකවරයා සහ මහජන නියෝජිතයින් මැතිවරණ නීති සංශෝධනය කිරිමේ යෝජනා පිළිබද දැනුවත් කිරිමට පියවර ගන්නා බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

එමෙන්ම අධිකරණ අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය ඇතුළු සියලු රාජ්‍යආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

දේශපාලන පක්ෂ විසින් මැතිවරණ අවස්ථාවන්හිදි සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබදව වැඩි අවධානයක් යොමුව ඇති බව මැතිවරණ කොමිසම සඳහන් ක‍ළේය.

මීට පෙර ද නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් සියලු පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරිමට ද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෝහා කටාර් දක්වා ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට පියවර

Mohamed Dilsad

අඩු පීඩනය අරාබි මුහුද දෙසට

Mohamed Dilsad

Leave a Comment