ප්‍රමුඛ පුවත 1

අඩු පීඩනය අරාබි මුහුද දෙසට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹ සිට කි.මී.550 ක් දුරින් ස්ථානගතව පවතින බවත් එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇත. උතුරු, නැගෙනහිර, උතුරු මැද,ඌව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් වව්නියාව, මන්නාර, පුත්තලම, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි 75 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. උතුරු මැද පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බවද අද (14) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය නව සංධානයකින් ජනපතිවරණයට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

Mohamed Dilsad

සජිත් හංස ලකුණින් මැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment