ප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

(උදයම්,කොළඹ)  –  වත්කම් බැරකම් ප‍්‍රකාශ හෙළි නොකිරීමේ චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (06) වරද පිළිගත්තේය.

ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම ලබන 20 වනදා  සිදුකරනු ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කළ සමයේ 2006 සහ 2007 යන වසරවලදී වත්කම් බැරකම් හෙළි නොකල බවට චෝදනා එල්ල වී තිබුණි.

සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේ සැකකරුගේ ඇගිලි සලකුණු වාර්තාවක්ද ලබාගන්නා ලෙසය.

කිසිඳු හේතුවක් නොදක්වා සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වත්කම් බැරකම් හෙළිකර නොමැති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා ඇත.

Related posts

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ රැලි සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Mohamed Dilsad

මෙරට අධිකරණ පද්ධතිය සකස් කිරීමට කැනඩාවේ සහය [VIDEO]

Mohamed Dilsad

රජයේ මිනින්දෝරුවන් ආරම්භ කළ වර්ජනය අදත්

Mohamed Dilsad

Leave a Comment