ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා ස්ථාපිතව ඇති සුරාසැල් විශේෂ අධීක්ෂණයකට

 

(UTV | කොළඹ) – උත්සව සමය නිමිති කරගෙන දිවයින පුරා ස්ථාපිත සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් විකිණිමේ ස්ථාන හා මත්පැන් සැපයීම් දාමය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ යටතේ සුරා අපරාධ , මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ ග්‍රහණය කිරීමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව ඒ ඒ සුරාබදු ස්ථානවලට අනුයුක්ත සුරාබදු නිළධාරින් 900 ක සංඛ්‍යාවක් එම විශේෂ මෙහෙයුම් සදහා යොදවන අතර එම මෙහෙයුම් අධීක්ෂණය කිරිමේ වගකීම පැවරෙන්නේ දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරිවරුන්ට හා පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ටයි.

ඊයේ දිනයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන ලබන වසරේ ජනවාරි 05 වනදා තෙක් බලාත්මක වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක්

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment