ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – රාවල්පින්ඩි නුවරදී ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (11) ආරම්භ විය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට 2009 වසරේදී ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමෙන් පසු පාකිස්තානයේදී ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

එම ප‍්‍රහාරයෙන් පසුව පාකිස්තානය සත්කාරත්වය දැරූ සිය ටෙස්ට් තරඟ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක‍්‍රීඩාංගණවලදී පැවැත් විය.

අද ආරම්භ වන ඓතිහාසික ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරන අතර ශී‍්‍ර ලංකා පිළේ නව පුහුණුකරු වන මිකී ආතර් මීට පෙර පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර තුනක් කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.

ශී‍්‍ර ලංකා පිල මේ වනවිට ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානය 8 වන ස්ථානයේ පසු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

Mohamed Dilsad

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ස්ටීව් අඩු ලකුණු මට්ටමකට දැවී යාම පිලිබඳව කනස්සල්ලෙන්

Mohamed Dilsad

Leave a Comment