ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරු දින පිළිබඳ අතුරු වාර්තාවක් ජනපති වෙත

(UTV | කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාවක් ලබන 22 වැනි දා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

ඊයේ (10) දිනයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් බව එම කොමිසම සඳහන් කළේය.

කොමිසමේ ඇරයුමකට අනුව මෙම සාක්ෂි ලබාදීම සිදු කර තිබේ.

මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ පුද්ගලයින් 20 කට අධික පිරිසක් සාක්ෂි ලබා දී ඇති අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඒ අතර වේ.

ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 106 කි.

සාක්ෂි විමසීම තවදුරටත් සිදුවන බව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

Mohamed Dilsad

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

Mohamed Dilsad

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

Mohamed Dilsad

Leave a Comment