ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් 7දෙනෙකු නිදහස්

(උදයම්,ඉන්දියාව)  – ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හත් දෙනෙකු නිදහස් කරයි.

ඊයේ(19) රාමනාදපුරම් මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම ධීවරයින්ට නිදහස ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ධීවරයින් සමඟ “කවීෂ පුතා 03“ නැමැති ධීවර යාත්‍රාවද නිදහස් කර ඇති  බව වාර්තාවේ.

තූත්තුකුඩි නාවික පොලීසිය විසින් මෙම ධීවරයින් හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මස 06 වනදා ඉන්දීය මුහුදු සීමාවේදීය.

ඉන්දීය රජයේ උපදෙස් මත නිදහස් කෙරුණු මෙම ධීවරයින් අද දිනයේ ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව වාර්තාවේ.

Related posts

නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Mohamed Dilsad

දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

ඉදිරි සතියේ වැදගත් දේශපාලන තීන්දු රැසක්

Mohamed Dilsad

Leave a Comment