ප්‍රමුඛ පුවත 1

ඉදිරි සතියේ වැදගත් දේශපාලන තීන්දු රැසක්

(උදයම්,කොළඹ) – ඉදිරි සතිය මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට වැදගත් තීන්දු තීරණ රැසක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් ක‍ළේය.

මේ අතර වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව ඒකරාශී වෙමින් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතා සහයෝගය මත ආණ්ඩුව වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment