ප්‍රමුඛ පුවත 1

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ

(UTV | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව නීතිපතිවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

බැඳුම්කර නිකුතුවේදී වංචාවක් සිදු වූ බව සඳහන් කරමින් ගොනු කර ඇති පැමිණිල්ල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම දැනුම් දීම සිදුකර තිබේ.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් පිළිබඳවද පරීක්ෂණ සිදුකරන බවත් , ඊට අමතරව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තවත් අංශය ගණනාවකින් රහස් පොලිසිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ සිදුකරන බව ද ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියාය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නැවත මාර්තු මස 03 වනදා කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

Mohamed Dilsad

ධීවර කටයුතු වලට අවදානමක්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment