ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් දුරකතනයක් සොයා ගැනේ

 

(UTV | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයාගෙන තිබේ.

බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදි මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රදවා සිටින සිර මැදිරියක වෙනම රදවා තිබිණි.

බන්ධනාගාර ආංරචි මාර්ග පවසන ආකාරයට එහි දොරේ මෙම ජංගම දුරකථනය රදවා තබා ඇත.

එලෙස සොයාගෙන ඇත්තේ සාමාන්‍ය මට්ටමේ දුරකතනයක් වන අතර එහි සිම්කාඞ් පත එම අවස්ථාවේ දුරකථනයේ තිබී නොමැත.

බූස්ස බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක අතර කංජිපානි ඉම්රාන් රදවා සිටින සිරමැදිරියේද සී සී ටී වී කැමරාවක් සවි කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ජංගම දුරකතනය ඔහුට ලබාදෙන්නට ඇති බවට සැක පළකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවති

Mohamed Dilsad

ඩොලර් මිලියනයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්

Mohamed Dilsad

බුර්කාව තහනම් කෙරෙන පනත් කෙටුම්පත් කැබිනට්ටුවට

Mohamed Dilsad

Leave a Comment