ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් දුරකතනයක් සොයා ගැනේ

 

(UTV | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයාගෙන තිබේ.

බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදි මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රදවා සිටින සිර මැදිරියක වෙනම රදවා තිබිණි.

බන්ධනාගාර ආංරචි මාර්ග පවසන ආකාරයට එහි දොරේ මෙම ජංගම දුරකථනය රදවා තබා ඇත.

එලෙස සොයාගෙන ඇත්තේ සාමාන්‍ය මට්ටමේ දුරකතනයක් වන අතර එහි සිම්කාඞ් පත එම අවස්ථාවේ දුරකථනයේ තිබී නොමැත.

බූස්ස බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක අතර කංජිපානි ඉම්රාන් රදවා සිටින සිරමැදිරියේද සී සී ටී වී කැමරාවක් සවි කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ජංගම දුරකතනය ඔහුට ලබාදෙන්නට ඇති බවට සැක පළකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

තෙල් මිල යළි ඉහළට?

Mohamed Dilsad

Leave a Comment