කලා

ඩ්වේන් ජොන්සන් සුපිරි චරිතයකින් රසිකයන් අතරට

(UTV | කොළඹ) – සුපිරි හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් 2021 වසරේ සුපිරි ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනීසිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ වේ.

‘DC කොමික්’ චරිතයක් වන ‘බ්ලැක් ඇඩම්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන අතර මෙම චිත්‍රපටයේ ඩ්වේන් පෙනී සිටින ඡායාරූපයක් ඔහුගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජොන්සන් රංගනයෙන් දායක වන ‘ජුමන්ජි’ දෙවැන්න තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

දිවි මඩලෙන් සමුගත් අමරදේවයන්ගේ පියඹ

Mohamed Dilsad

Leave a Comment