කලා

දිවි මඩලෙන් සමුගත් අමරදේවයන්ගේ පියඹ

(UTV | කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් පසිඳු, අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය 86 වැනි වියේ පසුවිය.

නිවසේදී සිදුවූ ඇදවැටීමකින් පසුව රෝහල් ගතකරන ලද ඇය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය දරුවන් තිදෙනකුගේ මවකි.

ඇය නැටුම් ශිල්පී පණීභාරතයන්ගේ ශිෂ්‍යාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇය අමරදේවයන් වෙනුවෙන්ම කැපවූවාය.

දේහය අද (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාල‍ා‍වේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

 

Related posts

උතුරු සුළඟ – ළඟදීම සිනමාහලට

Mohamed Dilsad

නිතිට පිරිමි දරුවෙක් ලැබෙයි

Mohamed Dilsad

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

Leave a Comment