ප්‍රමුඛ පුවත 1

නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිඛෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත්වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ  විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ නව ආයෝජන සදහා තමන් සූදානම් බව ඔවුන් ජනාධිපතිතුමා වෙත දන්වා සිටියහ.
එමෙන්ම අධිවේගි මාර්ග ඉදිකිරීම් සහ ඛනිජ තෙල් කැණීම් ක්ෂේත්‍රවල නව ආයෝජන අවස්ථා පිළිබදව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.
හදවත් සැත්කම් සිදුකරන ලොව ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සහ සංචාරක පුරවර දෙකක් සදහා මෙන්ම අඩු වියදම් සහිත නව නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට  ද මෙහිදී කැමැත්ත පළ කෙරිණි.
අමාත්‍ය මලික් සමරවික්‍රම, ජාතික ආර්ථීක සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශ ජාතික සැමරුම් උත්සවයක් කොළඹ දී

Mohamed Dilsad

2019 ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50% කින් ඉහළට [VIDEO]

Mohamed Dilsad

ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළට

Mohamed Dilsad

Leave a Comment