ප්‍රමුඛ පුවත 1

පසුගිය රජය සමයේ සිදු වූ වංචා හා දුෂණ සොයන්න සුදානම්

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති කොමිෂමේ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිෂම වෙත භාර දී තිබේ.

ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීමට මෙම කොමිසම පත් කළ බවත්, එම කොමිසමේ වාර්තාව සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර අවසන්ව ඇත.

එහි දෙමළ භාෂාවෙන් පිටපත සකස් කළ පසු එය ප්‍රසිද්ධියට පත් කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28දා) සඳහන් කළ බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

ජනාධිපති සමයේදී රටට සිදුකළ සේවාවට ප්‍රශංසා කිරීමට අද (28දා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවද ලේකම්වරයා කියා සිටියේය.

සෞඛ්‍ය සේවාව සැලකීමේදී දූෂණ වංචා පිළිබඳව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොත්මලේ ස්වයංක්‍රීය වාන් දොරටු ඇරේ

Mohamed Dilsad

තැපෑලේ ගැටළුව හෙට විසදෙයිද?

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment