ප්‍රමුඛ පුවත 1

කැස්බෑවන් 32 දෙනෙකුව නාවික හමුදාව බේරා ගනී [VIDEO]

(UTV | කොළඹ) – මන්නාරම, මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙයෙහුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු පසුගියදා (24) නාවික හමුදාව විසින්  මුදා ගැනීමට කටයුතු කර තිබේ.

ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක් තුල කැස්බෑවන් සිරවී සිටි ඇති අතර නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත.

එහිදී කැස්බෑවන් 25 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි බව සඳහන්.

එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය.

මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කිරීමට අවධානය

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

Mohamed Dilsad

Leave a Comment