ප්‍රමුඛ පුවත 1

UTV නාලිකාව රාජ්‍ය සම්මාන 4 කින් පිදුම් ලබයි [VIDEO]

(UTV | කොළඹ) – ඊයේ පැවති 2019 වසර සඳහාවූ රුපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී UTV නාලිකාව සම්මාන 4 කින් පිදුම් ලැබුවා. UTV නාලිකාව වසර තුනහමාරක තරම් කෙටි කාලයක් තුල රාජ්‍ය සම්මානයන් සදහා නිර්දේශවීම විශේෂත්වයක්.

2019 රුපවාහිනි රාජ්‍ය සම්මාන උළේල ඊයේ රාත්‍රියේදී (21) උත්සවශ්‍රීයෙන් නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වුනේ කළාලොවේ සියලු කලාකරුවන්ගේද සහභාගිත්වයෙන්.

එම රාජ්‍ය සම්මාන උළෙල සදහා UTV නාලිකාවද නිර්දේශවී තිබු අතර ඒහිදී UTV හි විකාශනය වන මක්කල් නම් පක්කම්, ස්පෝර්ට්ස් ඩොට් එල්කේ හි බූම් බූම් ස්පෝර්ට්ස් සහ කුට්ටීස් යන වැඩසටහන් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

එම වැඩසටහන්හි නිෂ්පාදකයින් වන බිශ්‍රින් මොහමඩ් සහ අබ්දුල් රහමන් යන මාධ්‍යවේදීන් එම සම්මාන ලබා ගත්තා.

UTV නාලිකාවේ විකාශනයවූ මෙම වැඩසටහන් ඇතුළුව තවත් වැඩසටහන් 8 ක් රුපවාහිනී රාජ්‍ය සම්මානයන් සඳහා නිර්දේශ වුණා.

Related posts

හෙට රැස්වීමට නියමිතව තිබූ එජාප රැස්වීම කල් දමයි

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරුව කල බවට සිදු කල මාධ්‍ය ප්‍රකාශ අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

Mohamed Dilsad

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment