ප්‍රමුඛ පුවත 1

ඉහළ පොලිස් නිලධාරීන් 16 කට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් [VIDEO]

(UTV | කොළඹ) – ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණයද පවරා තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්. එස්. පතිනායක, ඩබ්. එම්. එම්. වික්‍රමසිංහ, ආර්. එම්. එන්. ජී. ඕ. පෙරේරා, ඊ. එම්. යූ. වී. ගුණරත්න, කේ. එන්. ජේ. වෙදසිංහ, ඩී. ජේ. පලිහක්කාර, එල්. කේ. ජේ. ජී. එස්. පීරිස්, සහ එල්. පී. එස්. පී. සඳුන්ගහවත්ත යන මහත්වරුන්ට ස්ථාන මාරුවීම් සහ නව රාජකාරී පවරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කලා.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 2 සහ සහකාර පොලිස් අධීකාරීවැරුන් 5 දෙනෙකුද ස්ථාන මාරුවීම් කර තිබේනවා.

මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරුකර යවා තිබෙනවා. ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවු බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා පත් කර ඇත.

Related posts

නායයාම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි,07 වනදා දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී.

Mohamed Dilsad

Leave a Comment