ප්‍රමුඛ පුවත 1

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

හෙට (23) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට අනිද්දා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොලොන්නාව, රාජගිරිය නාවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

ප්‍රදේශ කිහිපයක පැය 21ක් ජලය අත්හිටුවයි.

Mohamed Dilsad

විල්පත්තු ගැන ඇති වැරදි ආකල්ප නැති කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවසති

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කල විදේශීකයන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment