ප්‍රමුඛ පුවත 1

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

හෙට (23) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට අනිද්දා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොලොන්නාව, රාජගිරිය නාවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

කටුනායක ගුවන්තොටුපලින් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක්

Mohamed Dilsad

ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි පනවයි.

Mohamed Dilsad

Leave a Comment