ප්‍රමුඛ පුවත 1

රසායනික ද්‍රව්‍ය ගබඩාවක හදිසි ගින්නක් [VIDEO]

(UTV | කොළඹ) – කටුබැද්ද, අඟුලාන ප්‍රදේශයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක අද අලුයම් කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අද (22) අළුයම 2.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම ගොඩනැඟිල්ල මහල් 4 කින් යුත් වන බවත් මෙම ගොඩනැගිල්ලේ රසායනික ද්‍රව්‍ය ගබඩාවට අමතරව ටයර් අලෙවි සලක්ද පවත්වා ගෙන ගොස් තිබෙනවා.

පොලීසිය, ප්‍රදේශවාසීන්, මොරටුව නගර සභාවේ සහ දෙහිවල සහ කොළඹ මහ නගර සභාවල ගිනි නිවන රථද ගිනි නිවීම සඳහා යොදාගෙන තිබෙනවා.

මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න නිවාදැමීමට හැකි වූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ටිනර් බැරලයක් පිපිරී දරුවෙකු මරුට.දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

මධූෂ් සමග සිටි තවත් දෙදෙනෙක් දිවයිනට..

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment