ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට කොමිසමක් පත්කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

(UTV | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පූර්ණ අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉල්ලීම ලිපියක් මාර්ගයෙන් ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර , සිය ලිපියෙන් සඳහන් කරන්නේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ තවමත් විපතට පත්වූවන් තුළ දැඩි සැකයක් සහ අපැහැදිලි බවක් පවතින බවයි.

කිසිඳු දේශපාලන පක්ෂයකට ගැති නොවන ස්වාධීන, විශ්වසනීය මෙන්ම ඒ සම්බන්ධව නිපුණතාවක් දරණ ස්වාධීන පුද්ගලයින්ගෙන් යුතු පූර්ණ අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලෙසට මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ඉල්ලා සිටියේය.

එය කතෝලික ජනතාවගේද ඉල්ලීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ලිපියෙන් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව බලවේග කට්ටලයක් සහ එන්ජිමක්

Mohamed Dilsad

උණුසුම් කාළගුණය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment