ප්‍රමුඛ පුවත 1

උණුසුම් කාළගුණය තවදුරටත්

 

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත් සබරගමුව පළාතේ හා ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවලට සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමේ ප්‍රවණතාවත් ඇති බවත් ඔවුන් පවසයි.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දැඩි උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල සිටීම , මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පත් කළේ වසර 30 කට පසුවයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment