ක්‍රීඩා

BPL විස්සයි 20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්

(UTV | කොළඹ) – 2019 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනෙකු තෝරාගෙන තිබේ.

මෙම තරගාවලිය දෙසැම්බර් 6 වන දා සිට ලබන වසරේ ජනවාරි 11 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අවිෂ්ක ප්‍රනාන්දු චට්ටෝග්‍රාම් චැලෙන්ජර්ස් කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෙකු ලෙස තෝරගෙන ඇති බව සඳහන්.

කුමිල්ලා වොරියර්ස් කණ්ඩායමට තෝරාගෙන ඇත්තේ කුසල් ජනිත් පෙරේරා සහ දසුන් ශානක වන අතර තිසර පෙරේරා, ඩකා ප්ලැටූන් කණ්ඩායමට තෝරා ගෙන ඇත.

පාකිස්තාන ප්‍රවීන ක්‍රීඩක ෂහීඞ් අෆ්රිඩි ද ඩකා ප්ලැටූන් කණ්ඩායමට ඇතුළත් බව සඳහන්.

මිට අමතරව සිල්හෙට් තන්ඩර්ස් කණ්ඩායමට ජීවන් මෙන්ඩිස් තෝරාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

20 යි විස්සේ නායකත්වය උපුල් තරංගට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 07 කට කොරෝනා..

Mohamed Dilsad

Leave a Comment