ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ 07 කට කොරෝනා..

(UTV | කොළඹ) – ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ අදාළ සාකච්ඡා පැවැත්වෙන අතර, මේ වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හත්දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

අද (28) දහවල් වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගෙන්වාගැනීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි ඔහු අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

Related posts

SLC විස්සයි 20 හෙට ඇරඹේ

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලට දෛනිකව 18,000 ක පෞද්ගලික ආරක්ෂක බලඇණියක්

Mohamed Dilsad

ඉන්දීය ක්‍රීඩකයින්ට 40 % ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment