ප්‍රමුඛ පුවත 1

යාපනය සරසවි සිසුන් මියයාමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව යාපනය පොලීසිය සඳහන් කරයි.

 

පසුගිය ඔක්තෝබර් මස 21 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබුණි.

 

සිද්ධියට අදාළව එදින රථ වාහන රාජකාරියේ නිරතව සිටි යාපනය පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

Related posts

පැරිෂුට් පුහුණුවක සිටි සෙබලෙක් මරුට

Mohamed Dilsad

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ගිලන් රථ රියදුරු වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment