ප්‍රමුඛ පුවත 1

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද

 

(UTV | කොළඹ) – මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (15) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව වේ.

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

අපේක්ෂකයින් 35 දෙනෙකු තරඟ වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට පෙරවරු 7 ට ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇති අතර හෙට පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ පෙරහුරුවක් සෑම ඡන්ද මාධ්‍යස්ථානයකම අද පැවැත්වේ.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ දිනකට පුද්ගලයින් 245ක් බෝ නොවන රෝග හේතුවෙන් මියයයි

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

Mohamed Dilsad

Leave a Comment