දේශීයප්‍රමුඛ පුවත 1

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

(UTV | තායිලන්තය) – පසුගියදා තායිලන්තයේ පාසැල් සිසුවෙකු රාත්‍රීයේ පරිගනකය අසල මිය ගොස් සිටියදී සොයා ගෙන තිබේ.

පසුව සොයා ගැනුණේ ඔහු අධික ලෙස පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

17 හැවිරිදි ‘පියාවට් හරිකුන්’ ඔක්තෝබර් මාසයේදී පාසැල් නිවාඩු කාලය පුරා ඔහු මෙලෙස පරිගනකයේ සටන් ක්‍රීඩා වල නිරතව තිබේ.

ඔහුගේ දෙමව්පියන් පැවසුවේ මෙම සිසුවා මුළු රාත්‍රිය පුරාම රැඳී සිටිමින් දිවා කාලයේ කාමරය තුළ තිර රෙදි ඇද  සූදු ක්‍රීඩාව නොනවත්වාම  කරගෙන යන බවයි.

ඔහුගේ කාමරයටම ආහාර රැගෙන ඒම නවත්වන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටියද, ඔහු එම කටයුත්ත නොනවත්වා සිදු කර ඇත.

පියවට්ගේ පියා පසුගියදා ඔහුගේ නිදන කාමරයට ගිය විට දැක ඇත්තේ ඔහුගේ පුතා පරිගණක පුටුවෙන් බිමට ඇද වැටී සිටින ආකාරයයි.

මෙම සිද්ධියෙන් අනතුරුව පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වී සිටින දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් වැඩි අවධානයක් යොමු කර ඔවුන් එම ක්‍රියාවෙන් මුදා ගැනීමට වහා පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

මෙම වසරේ විභාග පැවැත්වෙන දිනයන් මෙන්න

Editor O

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment