ක්‍රීඩා

ශ්‍රී ලංකාව ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සතියේ ආසියානු නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශය බලා යෑමට නියමිතයි.

වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් සහභාගි වන මෙම තරගාවලිය නොවැම්බර් 14 වන දා සිට 23 වන දා දක්වා පැවැත්වෙයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයට අමතරව හොංකොං, ඕමානය සහ නේපාලය යන රටවල කණ්ඩායම් ද සහභාගිවීම විශේෂත්වයක්.

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අසභ්‍ය වචන භාවිතා කිරීමේ වරදට ඉක්බාල්ට දඩ

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය යළිත් කල් යයි

Mohamed Dilsad

කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment