ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද විවෘත කෙරේ [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරේ. 

අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77 ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වනදා යි.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක ය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර , යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇත.

Image may contain: indoor
Image may contain: table and indoor
Image may contain: indoor
Image may contain: sky and outdoor

Related posts

දිවුරුම් දීමේ උත්සවයට අගමැති එක්වෙයි

Mohamed Dilsad

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

Mohamed Dilsad

රටේ පවතින තත්ත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment