ප්‍රමුඛ පුවත 1

ජේ ශ්‍රී රංගා, ඇතුලූ 6 දෙනෙකුට නඩු

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, ඇතුලූ හයදෙනෙකුට එරෙහිව අද (07) වවුනියාව මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාට මෙම සිද්ධියේදී අපරීක්ෂාකාරී ලෙස වේගයෙන් රිය පැදවීම සහ අනතුරක් සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබීය.

ඊට අමතරව මෙම අනතුර වෙනත් අයෙකු සිදුකළ බවට පෙන්වීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේය.

මොහුට අමතරව වවුනියාව ප්‍රදේශය භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, වවුනියාව ප්‍රදේශය භාරව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුලූ තවත් පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව අද දිනයේ නීතිපතිවරයා විසින් වවුනියාව මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්‍ෂ නායක රැස්වීම අද කතානායකගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අද සිට දුම්රිය 7කට කාන්තා මැදිරි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

Mohamed Dilsad

Leave a Comment