ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහලට

(උදයම්, කොළඹ ) – පවතින වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහල බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල වී ඇති  බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා පැවසීය.

 

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස තිබේ.

 

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම අද (13) පෙරවරුව වන විට පිළිවෙලින් පිටාර මට්ටමේ සිට අඩි 35 ක් හා 18.05 දක්වා පහත බැස තිබූ බව ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය පෙන්වා දෙයි.

 

ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියොන්, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාරවලට ජලය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 40 දක්වා බැස ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

 

ජල මට්ටම පහත බැසීම හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයට යට වූ නටඹුන් ද යළි මතු වී තිබේ.

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

මාලිගාවත්තේ සතොස අලෙවි සැල ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

Leave a Comment