ප්‍රමුඛ පුවත 1

ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

(උදයම්,කොළඹ ) – ස්වාභාවික ආපදා පිළිබඳ ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම මූලික අරමුණ කරගනිමින් ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට  පියවර ගෙන තිබේ.

 

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යයතේ ඇති සියලු ආයතනවල සම්බන්ධීකරනය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ඒකකය මඟින් ස්වාභාවික ආපදාවලට අදාළ සියලු තොරතුරු කඩිනමින් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරේ.

 

හදිසි ආපදාවලට අදාළ වෙනත් තොරතුරු දවසේ පැය 24 පුරා දුරකථන අංක 0115835111 හා 0714413453 ඔස්සේ මෙම ඒකකයෙන් මාධ්‍යවේදීන්ට ලබා ගත හැකිය.

 

හදිසි ආපදා පිළිබඳව ජනතාව පූර්ව දැනුවත් කිරීම, ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන නියඟය පිළිබඳව තොරතුරු ලබාදීම හා ඒ සඳහා ජනතාව සූදානම් කිරීම, හදිසි ආපදාවලින් සිදුවන ජීවිත හා දෙපළ හානි අවම කිරීම, හදිසි ආපදා තත්ත්වයක දී දුෂ්කරතාවට පත්වන ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන කෙටි කාලීන හ දිගුකාලීන වැඩ පිළිවෙල පිළිබඳ ජනතාව, ස්වෙච්ඡා සංවිධාන හා අදාළ අංශ දැනුවත් කිරීම, එම කාර්යය විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා සන්නිවේදන ක්‍රමෝපාය සැලසුම් කිරීම මේ කේන්ද්‍රය මඟින් සිදු කිරීමට අපේක්ෂිතය.

 

හදිසි ආපදා තොරතුරු ජනමාධ්‍ය වෙත ලබාදීම මඟින් ජනතව දැනුවත් කිරීමේ මූලික කාර්යයට අමතරව, අදාළ ආයතන සම්බන්ධීකරණය මඟින් පවතින වාතාවරණය විධිමත් අයුරින් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට ද මෙම තොරතුරු කේන්ද්‍රය කටයුතු කෙරෙනු ඇත.

Related posts

හදිසි ආපදාවන් සඳහා රුපියල් මිලියන 350ක උපකරණ බෙදා දෙයි

Mohamed Dilsad

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

Mohamed Dilsad

ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව

Mohamed Dilsad

Leave a Comment