විදෙස්

මාලි සොල්දාදුවන්ට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

(UTV | කොළඹ) –  මාලි රාජ්‍යයේ සොල්දාදුවන් 49 දෙනෙකුට මරු කැදවමින්  බටහිර අප්‍රිකානු මාලි දේශයේ හමුදා මුරපොළක් ඉලක්ක කරගෙන ඊයේ (02) එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

නැගෙනහිර – මෙනකා ප්‍රදේශයේදී බිම් බෝම්බයක් යොදාගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරයේදී තිදෙනෙකු තුවාල ලැබූ අතර, 20 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.

ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය හෙවත් අයි.එස්. සංවිධානය සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ඉස්ලාමීය රාජ්‍යයේ සොල්දාදුවන් විසින් ඉන් බැහැර යන මාලි හමුදා සාමාජිකයන්ට මෙලෙස ප්‍රහාරයක් එල්ල කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හවායි දුපත යළි සෙලවෙයි

Mohamed Dilsad

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment