ප්‍රමුඛ පුවත 1

සියලුම වාහන වල මැතිවරණ ස්ටිකර් ගැලවීමේ සුදානමක්

 

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.

මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල ස්ටිකර් අලවා ඇත්නම් වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වන අතර එවැනි ක්‍රියාවක් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වු පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත හා කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත ද ඒ මඟින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පෞද්ගලික බස් හා ත්‍රීරෝද රථ ඇතුළු සියලූම පෞද්ගලික වාහනවල අලවා ඇති ඉහත දැක්වු වර්ගයේ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම සිදු කිරීමට ඒ ඒ අවශ්‍ය උපදෙස් කඩිනමින් නිකුත් කරන්නැයි දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

Mohamed Dilsad

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment