ප්‍රමුඛ පුවත 1

අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරින් මිය ගිය ගණන ඉහළ යයි

(UTV | කොළඹ) –  අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අඹගහවෙල හන්දියේදී ඊයේ (28) සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

හොරොව්පතාන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ගමන් කළ ජීප් රථය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරෙන් සිදුවිය.

මෙම අනතුරින් ඊයේ කාන්තාවක් මිය ගිය අතර , තුවාල ලැබීමෙන් රෝහල්ගත කළ වෑන් රථයේ රියදුරු ද මෙසේ ජීවිතක්ෂයට පත්විය.

අනතුරෙන් තුවාල ලැබූ හොරොව්පතාන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක කස්තුරි අනුරාධනායක ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

Mohamed Dilsad

රජයට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්

Mohamed Dilsad

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment