ප්‍රමුඛ පුවත 1

දෙමළ දේශපාලන පක්ෂ අවසන් තීරණය අනිද්දා

 

(UTV | කොළඹ) – උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා කවුරුන් ද යන්න අනිද්දා (31) ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

අද (28) පෙරවරුවේ යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ඊට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එක්ව සිටියේය.

ඒ සඳහා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරුසු පක්ෂය, ටෙලෝ හා ප්ලොට් යන සංවිධානවල නියෝජිතයින් ද ඊට එක්ව සිටියෝය.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඔවුන් රැස්ව සාකච්ඡා සිදුකළ අතර ජනාධිපති අපේක්ෂකයින්ට කරුණු 13 කින් යුත් යෝජනාවලියක් ද මෙම පක්ෂ විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Mohamed Dilsad

සජිත් ගෝඨාභයට ලිඛිතවම අභියෝග කරයි [VIDEO]

Mohamed Dilsad

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment