ප්‍රමුඛ පුවත 1

මැතිවරණයට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක්

(UTV |කොළඹ) – මෙවර ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මෙරට සියළු ඡන්දදායකයන් සඳහා තැපැල් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්මේ සඳහා රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක් සිදුවන බව වාර්තා වේ.

මැතිවරණ පනත සහ තැපැල් පනතේ ප්‍රතිපාදන අනුව මැතිවරණ අවස්ථාවලදී සියළු ඡන්දදායකයන් සඳහා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තැපැල් කිරීමට සිදුව ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් ඉදිරිපත්ව ඇති බැවින් තැපැල් දෙපාර්තමේන්තුවට පෙර වසරවලට සාපේක්ෂව වැඩි පිරිවැයක් දැරීමට මෙවර සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

ජනාධිපතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 4,000 ක මුදලක් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂ ඉන්දීය සංචාරය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment