ව්‍යාපාරික

රුපියලේ අගය ශක්තිමත් වේ

 

(UTV | කොළඹ) – රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීමක් ඊයේ(25) දක්නට ලැබිණි.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 182යි ශත 98ක් ලෙසයි.

බ්‍රහස්පතින්දා එය රුපියල් 183යි ශත 9ක් ලෙස සටහන් වූ අතර රුපියලේ අගය මේ වසර තුළ මේ දක්වා සියයට දශම 74කින් ඉහළ ගොස් තිබේ.

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශකය ද ඊයේ දිනයේ සති 11කින් ඉහළම අගයන් සලකුණු කළ අතර ගත වූ සතිය තුළ කොටස් වෙළදපොළ සියයට 1.2කින් වර්ධනය විය.

කෙසේ නමුත් විදේශීය ආයෝජකයන් මෙරට සුරැකුම්පත් වෙළඳපොළෙන් ඉවත් වීම තවදුරටත් දක්නට ලැබෙන අතර, පසුගිය සතිය වන විට එලෙස ඔවුන් ඉවත් කර ගත් ආයෝජනවල ප්‍රමාණය රුපියල් බිලියන 55කට අධිකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

Mohamed Dilsad

රත්නපුරේ තේ වගාවට දිලීරයක් පැතිර යයි

Mohamed Dilsad

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment