ප්‍රමුඛ පුවත 1

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

(UTV | කොළඹ) – එළඹෙන නොවැම්බර් මස 01 වනදා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම අවසරය ලබා දී ඇත්තේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ඇය අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

2014 වසරේ යාපනයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ස්ථාපිත කළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වැඩවර්ජනයත් සමඟ ලංගමට රුපියල් මිලියන 79 ක අදායමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

පිටුවහල් කල නදීමාල්ට සහ බන්ධනාගාර නියමකවරයාට මොකද වෙන්නේ..

Mohamed Dilsad

Leave a Comment