ප්‍රමුඛ පුවත 1

පිටුවහල් කල නදීමාල්ට සහ බන්ධනාගාර නියමකවරයාට මොකද වෙන්නේ..

(UTV| කොළඹ) – ඩුබායි වලින් පිටුවහල් කරනු ලැබූ නදීමාල් පෙරේරා සහ බන්ධනගාර නියාමකවරයා සම්බන්ධයෙන් මේ වන විට ගුවන්තොටුපල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ ඩුබායි වලින් පිටුවහල් කර ඇති මේ දෙදෙනා අද උදෑසන flying dubai ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි.

පසුගිය පෙබරවාරි 03 වනදා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගත්තේය.

පසුව සිදු කල රුධිර සාම්පල පරීක්ෂාවකදී 24 හැවිරිදි නදීමාල් පෙරේරා සහ 52 හැවිරිදි කෝදාගොඩගේ ලලිත් කුමාර යන බන්ධනාගාර නියාමකවරයා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරු වුණි.

ඒ අනුව ඔවුන් ඊයේ දිනයේ එරටින් පිටුවහල් කර තිබේ.

ඔවුන් දෙදෙනගෙන් ප්‍රශ්න කර අවසන් වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිවරණය අහෝසි කරන ලෙසට ඉල්ලූ පෙත්සම ප්‍රත්ක්ෂේප වෙයි

Mohamed Dilsad

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

Leave a Comment