ප්‍රමුඛ පුවත 1

විජයදාස රාජපක්ෂ මහතා සාක්‍ෂි දෙන්න ජනාධිපති කොමිසම හමුවට

(UTV| කොළඹ) – ගතවූ වසර හතර තුල රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැඳවා තිබේ.

ඒ අනුව ඒ මහතා අද(26) පෙරවරුවේ එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමට නියමිතය.

පසුගියදා ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි 2ක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙලෙස ඔහුව අද දිනයේ කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒ පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මහජන මුදල් අවභාවිත කළ බවට හා මහපොළ අරමුදලේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා මෙලෙස කොමිසම හමුවේ  පැමිණිලි කර තිබුණි.

එසේම ඔස්ට්‍රේලියාවෙන් මෙරටට කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් සාක්ෂි විභාගයද  අද දිනයේ  පැවැත්වෙන බව වාර්තාවේ.

ගතවූ  වසර හතර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1314කි.

ඉන් පැමිණිලි 51ක් මූලික විමර්ශන සඳහා පොලිස් ඒකකයට භාර දුන් බව ජනාධිපති කොමිසම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉහළ පෙළේ නෝවේජියානු නිලධාරිනියක් දිවයිනට

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment