ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණය අහෝසි කරන ලෙසට ඉල්ලූ පෙත්සම ප්‍රත්ක්ෂේප වෙයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයක් කැඳවීම නීත්‍යානුකූල නොවන බැවින්, ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. 

ගාල්ල හිටපු නගරාධිපතිවරයා මෙන්ම, ගාල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මෙත්සිරි ද සිල්වා ඊයේ (03) ගොනු කළ මෙම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ හත් වැනිදා ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීම ද අත්හිටුවන ලෙසටයි.

මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

අදාළ පෙත්සම ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුව ඇති බව එහි මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටියේය.

Related posts

ස්විස් තානපති නිලධාරිනිය පැහැර ගැනීම ගැන අසත්‍ය ප්‍රචාරයෙන් වළකින්න [VIDEO]

Mohamed Dilsad

කංජිපානිගේ පියා, සොහොයුරා ඇතුළු සයදෙනාට ඇප

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

Leave a Comment