ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් නව සභාපති ධූරයට සව්රව් ගංගුලි

(UTV | කොළඹ) –  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණය ලබන 23 වනදා පැවැත්වෙන අතර , ඒ සඳහා 47 හැවිරිදි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි ද සභාපති ධුරය සඳහා අයදුම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි නිතරඟයෙන් පත්වනු ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණයට නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වන්නේ අදයි.

ඔහු දැනට බෙංගාල ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

Mohamed Dilsad

ICC කාන්තා ලෝක ශූරතා පුහුණු තරඟයක්

Mohamed Dilsad

හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment