ප්‍රමුඛ පුවත 1

සරසවි කටයුතු යළි ඇරඹේ

(UTV |කොළඹ) – අද සිට විශ්ව විද්‍යාල අනධ්‍යන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

දින 33 ක් පමණ පැවති අනධ්‍යන සේවක වර්ජනය නිසා සියලුම සරසවි වසාතැබීමට සිදු විය.

ඒ අනුව ඔවුන්ගේ වර්ජනය අවසන් කිරීම හේතුවෙන් අද සිට යළි විශ්ව විද්‍යාල කටයුතු සාමාන්‍ය පරිදි  සිදු කෙරෙන බව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

අද සිට විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු සහ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඒ ඒ විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන්ට බලය ලබා දී ඇත.

මේ අතර සියළුම අනධ්‍යන සේවකයින්ට අද සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව විශ්ව විද්‍යාල වුතීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අළුත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment