Trending News

සිරියාවේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කොළඹ) – තුර්කි ප්‍රහාර වලින් සිරියාවේ පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසක් නිවෙස්වලින් පලා යමින් සිටින බවයි.

තුර්කි ජනාධිපතිවරයා පවසන ආකාරයට මෙම මෙහෙයුම දියත් කර තිබෙන්නේ එරට දකුණු දේශසීමාව තුළ ස්ථාපිත කිරීමට උත්සහ කරන ත්‍රස්ත කොරිඩෝව බිඳහෙලීමට සහ කලාපයට සාමය ගෙන ඒමට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ තුර්කි හමුදා විසින් දේශ සීමාවේ පිහිටි ගම්මාන රැසක් වටලා ඇති බවයි.

තුර්කිය මෙලෙස සිරියාවට ප්‍රහාර එල්ල කරන්නේ අමෙරිකාවේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Protest demonstration in entry road to Colombo on Kandy

Mohamed Dilsad

ஹெலிகாப்டர் விபத்து -நேபாள் சுற்றுலா துறை அமைச்சர் உயிரிழப்பு

Mohamed Dilsad

Sri Lanka to strengthen relations with UAE in various fields

Mohamed Dilsad

Leave a Comment