ප්‍රමුඛ පුවත 1

හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙක් පානදුරේදී අත්අඩංගුවට

(UTV | කොළඹ) –  පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 168 කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 380 ක් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව බොල්ගොඩ ගං ඉවුරේ තිබී නීතිවිරෝධී මත්පැන් පෙරීමට භාවිත කරන ගෝඩා ලීටර් 655ක් සහ තඹ දගර දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 31 ක් වයසැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ඊලාම් සිතියම සහිත ඇඳුමක් ඇඳි පුද්ගලයෙකු සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබඳව රාජ්‍ය දෙකක් ලෙස සලකා බ්‍රිතාන්‍ය ක්‍රියාකිරීම උචිත නෑ [VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ 3කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment