ක්‍රීඩා

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද ෆුජයිරා හිදී ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද (09) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හිදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියට සහභාගි වන අටදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය නිවේදනය කළේය.

මෙවර තරගාවලිය බර පංති 13 ක් යටතේ පැවැත්වේ.

මෙම තරගාවලිය සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ,

ක්‍රීඩකයෝ – ජී.පී. මිහිරාන් (කි.ග්‍රෑ 50) – කොළඹ නාලන්දා විදුහල , වයි.එම්. උසයිත් (කි.ග්‍රෑ 48)- මහනුවර සුමංගල විදුහල, එම්.සුරාජ් තිසන්ත (කි.ග්‍රෑ 46)- හොරණ විද්‍යාරතන වි. වි. පීඨය , එච්.එම්. කරුණානායක (හොරණ විද්‍යාරතන වි.වි. පීඨය)

ක්‍රීඩිකාවන් – ජේ.කේ. විශ්මි නේත්‍රා (කි.ග්‍රෑ 52) – කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසල, බී.එච්. සෙව්වන්දි (කි..ග්‍රෑ 48) -හොරණ දොන් පැට්‍රික් විදුහල, පී.හෂිනි අනූපමා (කි.ග්‍රෑ 46)- කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසල, කේ.ඩී. කුලතුංග (කි.ග්‍රෑ 50)-පිළිමතලාව ධීරානන්ද විදුහල)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 45ක ජයක් .

Mohamed Dilsad

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment